Sunday, May 28, 2023

Blue Beach Island - Sri Lanka

 සයුරේ ජීවෙත රළ පෙරලී 

මුතු සොයනා අය කොහෙදෝ 

පණ නල පාගා.....

වෙරළේ පියමන් පැවසූයේ

රළ කදුරේ සුවදයි මේ

සෙනෙහේ අසරණ වූ දා පමණයිදෝ

නොවෙනස්වෙ කුරුලු ගී

දැන් පණ නල සබෑ වුනේ....




මේ සිංදුව අහද්දී අපේ මතකේ අතීතෙ රූපවාහිනියේ විකාශනය වුනු සුන්දර කතාවක අතරමන් වුණා නේද?

පාලු දූපතක වසරගානක් තනි වුණු පවුලක්! සුන්දර අත්දැකීමක් නේද ඒක? බලං ඉන්න ආසයි නේද? මේ කතාමාලාව බලද්දී කවද හරි "අනේ මටත් මේ වගේ මුහුදෙන් වට වුණු දූපතක තනියම් ඉන්න තිබ්බා නම්" කියලා හිතුනා නේද? 

අන්න ඒ වගේ අත්දැකීමක් ගන්න යන්න පුළුවන් තැනක් ගැන තමයි අද අපි Travel විත්ති වලින් ඔයාලට කියන්න යන්නේ......





මේ වෙන කොහෙවත් නෙවෙයි... අපේ ලංකාව තුළම තියන ලස්සන පුංචි දූපතක්....වැඩි ඈතක නෙවෙයි මාතර නිල්වැල්ල ප්‍රදේශයේ තමයි පිහිටලා තියෙන්නේ.

 Blue Beach Island නමින් හදුන්වන මේ දූපතට ඒ නම ලැබිලා තියෙන්නේ නිල් වෙරළ තීරයෙන් මේ දූපත වට වෙලා තියන නිසා. ඒ විතරක්ම නෙවෙයි මේ දූපත පුද්ගලික දූපතක්. "පුද්ගලික දූපතක් නම් කොහොමද අපිට යන්න පුළුවන් වෙන්නේ?" මේක තමයි මීළගට ඔයාලට එන ප්‍රශ්නය.


මේ දූපත පුද්ගලික උනාට මේක සංචාරක නැරඹුම් ස්ථානයක් විදියට පවත්වාගෙන යන්නේ... ඒ නිසා Camping වලට ආසා කරන ඕනම කෙනෙක්ට මේ දූපතේ රැයක් ගත කරන්න යන්න පුළුවන්. තමන්ගෙ යාලුවො එක්ක, ඒමත් නැත්තම් පවුලේ අය එක්ක විතරක් නෙවෙයි, තනියම වුතත් ඔයාට ගිහින් මේ අත්දැකීම ලබා ගන්න පුළුවන්.රැයක් ගත කරන්න විතරක් නෙවෙයි. ඔයාලට මේ දූපත විවෘතව තිබෙන කාල සීමාව තුළ ගිහින් නරඹලා එන්නත් පුළුවන්.











දැන් අපි ඔයාලට කියන්න යන්නේ, මේ දූපතේ රැයක් ගත කරන්න යන්න ඉන්න ඔයාලට වැදගත් වෙන තොරතුරු ටිකක්...

මේ දූපතේ රාත්‍රියක් ගත කරන්න යන්න බලාපොරොත්තුවෙන ඔයාලා මුලින්ම ඒ දූපතේ camping කරන කණ්ඩා‍යමෙන් දිනයක් වෙන් කරගන්න ඕනි.. ඒ කණ්ඩායම හරහා ඔයාලට අවශ්‍ය කූඩාරම්/ BBQ Mashing / වතුර මේ ආදිය සපය ගන්න පුළුවන්... ඒ වගේම ඒ සදහා සුළු මුදලක් එක් අයෙක්ගෙන් ගන්නවා...


ඒවගේම මේ දූපත රාත්‍රී කාලය තුල මුහුදෙන් වටවෙන නිසා සවස 6න් පස්සේ කිසිම කෙනෙක්ට දූපතට ඇතුලු වෙන්නවත් පිටවෙන්නවත් හැකියාවක් නැහැ. ඉතිං හැමදාම වගේ කියන්න තියෙන්නේ තමන්ගේ ආරෂාව තමන් සලසා ගත යුතුමයි කියලා. ආරෂකයෝ රාත්‍රි 9 වගේ වෙනකම් ඔයාලා එක්ක ඉන්නවා... ඒ වගේම කියන්න ඕනි දූපත වටේ මුහුද අඩි 20කට වඩා ගැඹුරුයි.. මේ නිසා කිසිම වෙලාවක තමන් අනතුරට ලක්වෙන විදියට වැඩ නොකළ යුතියි. ඒ වගේම මේ දූපතේ රැයක් ගත කරන ඔයාලට මිල කළ නොහැකි අත්දැකීම් රාශියක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම හිරු උදාව/හිරු බැසීම බලන්න දූපතේ කෙලවරේ පිහිටලා තියන ගල්තලාවට ගියාම ඔයාලට කිසිම බධාවකින් තොරවම පුළුවන්.... ඒ වගේම සවස 5 ඉදන් උදෑසන 9 වෙනකම් විතරයි ඔයාලට මේ ස්ථානයේ camping කරන්න පුළුවන්... ඒ වගේම camping කරන්න එන අය අනිවාර්‍යෙන්ම කළ යුත්තක් තමයි ඔබ රැගෙන යන කුණු සියල්ලම අස් කරලා ලබා දෙන බෑග් වල දාලා නැවත ගොඩබිමට ගේන එක....

ඉතිං ඔයත් අදම පරක්කු නොවී මේ සුන්දර අත්දැකීම විදගන්න යන්න.....





.....................................

"හැමදාම වගේ කියන්න ඕනි සුන්දර අත්දැකීම් ලබා ගනිද්දී තමන්ගේ ජීවිතය අවදානමට ලක් කරන්න එපා.. ඒ වගේම නරඹන්න යන ස්ථාන පිරිසිදුව තියා ගන්න උදව් කරන්න...."

ටජ්මහල ( Taj Mahal)

                                                                    ද අපි Travel විත්ති වලින් ඔයාලට ගේන්නේ සාගරයෙන් එහා අපි පුංචි කාලෙ ඉදන්ම අහන තැනක් ගැන...සාගරයෙන් එහා කිව්වට මේ තැන නම් වැඩි ඈතක නෙවෙයි තියෙන්නේ... මේ තැන තියෙන්නේ අපේ අල්ලපු රටේ ඒ කියන්නේ ඉන්දියාවේ... "ඉන්දියාව"... ඉන්දියාව කිව්වාම අපිට මතක් වෙන ගොඩාක් දේවල් තියනවා...නමුත් ආදරය සම්බන්ධව  ඉන්දියාවට විතරක් නෙවෙයි ලෝකයටම සුවිශේෂී දෙයක් මේක.... එහෙම කිව්වාම නම් ඔයාලාගෙ ඔලුවට හරිම ඉක්මනට එන දෙයක් තමයි මේක..."ඔව් ඔව් ඔයාලා හිතුවා හරි ඒ ටජ්මහල"...

ටජ්මහල් ප්‍රේම‍ය හා සම්බන්ධ වටිනා සංකේතයක් කියලා අපිට හදුන ගන්න පුලුවන්.... ඒත් හරියටම කියනවා නම් මේ ටජ්මහල ඉන්දියාවේ ආග්‍රා වල පිහිටලා තියන සොහොන් ගැබක් ආකාරයෙන් තැනුනු කිරිගරුඩ මාලිගාවක්. ෂා ජහන් රජතුමන් විසින් තමන්ගේ දේවිය වන මුන්ටාස් දේවිය සිහි කිරීමට මෙම මාලිගාව තැනූ බව තමයි අපි කවුරුත් දන්න විදියට ඉතිහාසයේ කියෙවෙන්නේ...



නමුත් අපි මෙහි නොදන්නා පැතුකඩ ගැන කතා කරනවා නම් මෙය 1983 දී යුනෙස්කෝ උරුමයක් බවට පත් වූ අතර මෙය ඉන්දියාවේ ඉස්ලාමීය ගෘහ  අලංකරණ ශිල්පයේ ආභරණය ලෙස සලකනු ලබනවා. මෙය පර්සියන් හා තුර්කි මෙන්ම ඉන්දියානු ගෘහ  අලංකරණ ශිල්පීන්ගේ  සංකලනයක් ලෙසින් හදුන්වා දිය හැකිය. එමෙන්ම මෙය මෝගල් ගෘහ  අලංකරණ ශිල්පයේ කැඩපතක් ලෙසටද අපට හඳුනාග ගත හැකි. මෙම ටජ්මහල අංග පහකින් සමන්විත වෙයි. ඒ දර්වාසා (ප්‍රධාන දොරටුව), බගීචා (උද්‍යාන), මස්ජිද් (මුස්ලිම් පල්ලිය), රවුසා (ප්‍රධාන සොහොන් ගෙය) සහ නක්කාර් ඛානා (විවේකාගාරය). ටජ් මහල් සංකීර්ණය එහි මධ්‍යයේ ඇති සොහොනෙන් (විෂ්කම්භය අඩි 58ක් සහ උස අඩි 81ක්) ලෙසින්ය.






මේ ටජ්මහල පිළිබද කියැවෙන  පුරාවෘත්තයන් සදහන් කරන්නේ නම්,

මෙම ස්මාරකය නිර්මාණය කරන කාලය පුරාවටම ඇගැයුම්,    ආලවට්ටම් කිරීම් හා පුද්ගලික අදහස් නොවඩුව ලැබුණු බව කියැවෙනවා. ඒ වගේම පුරාවෘත්තයකට අනුව "ෂා-ජෙහාන්' රජු සොහොන් මන්දිරය යමුනා නදිය හරහා කළුගරුඬ පාෂාණයෙන් නිර්මාණය කිරීමට සැළසුම් කල බව පැවසෙනවා. 1665 දී අග්‍රාහි සංචාරය කල "ජීන්-බැප්ටිස් ටැවෙර්නියර්" නම් යුරෝපීය සංචාරකයාගේ රචනා මඟින් මෙම අදහස ලැබුනු බවත් කියැවෙනවා. මෙය සනාථ කිරීමට "සඳරැස් උද්‍යානයේ හි තිබි හමුවී ඇති කළුගරුඬ සාක්ෂි බව සදහන්වෙනවා. නමුත් 1990 කළ කැණීම් වලදී සොයාගෙන ඇත්තේ කිරිගරුඬ කළු පාටට හැරී ඇති බවක්. 2006 දී පුරාවිද්‍යාඥයකු විසින් ප්‍රතිසංස්කරණයට ලක් කර ඇති "සඳරැස් උද්‍යානයේ" සුදු ස්මාරකයේ අඳුරු සෙවනැල්ලක් දිස්වන ලෙසට තනා ඇති ජල තටාකයක් නිසා මෙම මතය වඩාත් තහවුරු වන බවත් පැවසෙනවා.


මෙම නිර්මාණය සඳහා දායක වූ ඇතැම්  ශිල්පීන්ගේ මරණයන් සම්බන්ධව කිසිඳු සාක්ෂියක් ඉතිරිවී නොමැති අතර ඊට අමතරව ඇතැම් ශිල්පීන් මෙවැනි තවත් නිර්මාණ නොකිරීමට දිවුරුම් දී ඇති බවට ද සදහන් වෙනවා. තවද 1830 දී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වූ "විලියම් බෙන්ටින්ක්" සාමිවරයා වරෙක ටජ්මහල බිඳහෙලා එහි ඇති වස්තු වෙන්දේසි කිරීමට උත්සහ දරා ඇති බව කියැවුනත් මේ සඳහාද සාක්ෂි නැත.






වසර 2000 දී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය "පී. එන් ඕක්" විසින් ගොනුකර තිබූ ටජ්මහල හින්ඳු රජ කෙනෙකුන් විසින් සෑදු බව කියන පෙත්සමක් නිෂ්ප්‍රභා කරන ලද බව ද අතීතයේ සදහන් වෙලා තියන්වා.

ටජ්මහල නරඹන්න යන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලට තවත් වැදගත් වෙයි දැන් කියන විස්තර....

ටජ්මහල නරඹන්න යන ඔයාලට ප්‍රවේශපත්‍ර උදෑසන 10:00 සිට සවස 06:00 දක්වා අග්‍රා මාල් පාරේ පිහිටි ඉන්දියානු පුරාවිද්‍යා සමීක්ෂණ කාර්යාලයෙන් මිලදී ගන්න පුළුවන්. වැඩිහිටි ඉන්දියානු සංචාරකයෙකු සඳහා මිල ඉන්දියානු රුපියල් 510 ක් වන අතර ජාත්‍යන්තර සංචාරකයෙකු සඳහා ඉන්දියානු රුපියල් 750 කි. වයස අවුරුදු 3 ත් 15 ත් අතර ළමුන් ප්‍රවේශය ලබා ගැනීමට ඉන්දියානු ඉන්දියානු රුපියල්500 ක් ගෙවිය යුතුයි.







ඒ වගේම මේ ස්ථානය නරඹන්න යන ඔයාලා නොකළ යුතු කාරණා කීපයක්ම තියනවා... ඒ තමයි.....

  • ටජ්මහල ඇතුළත සහ අවට ඩ්‍රෝන කැමරා ලෙස තහනම්ය.
  • ටජ් මහල් තුළ ආහාර ගැනීම සහ දුම් පානය කිරීම සපුරා තහනම්ය. ආයුධ, පතොරම්, ගිනි, දුම්වැටි, දුම්කොළ නිෂ්පාදන, මත්පැන්, ආහාර (ටොෆි), හෙඩ්ෆෝන්, පිහි, වයර්, ජංගම චාජර්, විදුලි භාණ්ඩ (කැමරාව හැර), ට්‍රයිපෝඩ් ද තහනම්ය.
  • ජංගම දුරකථන  නිශ්ශබ්දව තබා ගත යුතුය.
  •  ස්මාරකය තුළ විශාල බෑග් සහ පොත් රැගෙන යාමෙන් වැළැකිය යුතුය.
  • ප්‍රධාන සොහොන් ගෙය තුළ ඡායාරූප ගැනීම තහනම්ය.
  • ස්මාරකයේ බිත්ති සහ මතුපිට ස්පර්ශ කිරීමෙන් හා සීරීමෙන් වැළැකිය යුතුය., මේවා උරුම ස්ථාන වන අතර විශේෂ සැලකිල්ලක් අවශ්‍ය වේ.
  • සොහොන් ගෙය තුළ ඝෝෂා නොකර යුතුය.

                ..........................................................

"ලංකාවෙ තැන් වගේම සාගරයෙන් එතෙර තැන් බලන්න යන ඔයාලත්, ඒ තැන් බලන්න ගියාම ඒ පරිසරය ලස්සනට තියාගන්න උදව් වෙන්න......."

Friday, May 26, 2023

බැද්දගාන තෙත් බිම් උද්‍යානය ( BEDDAGANA WETLAND PARK)


                                                            ස් ඉස්සෙල්ලාම ඔයාලව අපි Travel විත්තියෙන් එක්කන් යන්න හදන්නේ වැඩි ඈතකට නෙවෙයි. ඒ තමටයි කොළඹ අවටම තියෙන සුන්දරත්වයෙන් හෙබි නිස්කලංක පරිසරයක් සහිත බැද්දගාන තෙත්බිම් උද්‍යානය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දියවන්නා ඔයට මායිම්ව, කොළඹ රැම්සාර් තෙත්බිම් නගරය තුළ තමයි මේ බැද්දගාන උද්‍යානය පිහිටලා තියෙන්නේ. ඉතා කාර්‍යබහුවලත්වයෙන් හෙබි කොළඹ නගරය තුළ මෙම උද්‍යානය පිහිටලා තිබුනත් මෙම උද්‍යානය සොභාව සෞන්දර්යෙන් පිරුනු අති සුන්දර උද්‍යානයක් විදියට හදුන්වලා දෙන්න පුළුවන්.




මෙම උද්‍යානය නැරඹීමට යන ඔබට පිවිසුම් මාර්ග කිහිපයක්ම ඔස්සේ එහි ලගාවීමේ හැකියාව තියනවා. ඒ කොල්ලුපිටිය, මරදාන දෙසින් පැමිණෙන ඔබට බොරැල්ල නගරය හරහා රාජගිරිය පසුකරමින් ඇතුල් කෝට්ටේ හන්දිය දක්වා පැමිණි පසු දකුණු පසින් තිබෙන කෝට්ටේ පාරට පිවිස එතැන් සිට පිටකෝට්ටේ දෙසට 1.5 km ක් පමණ ගිය පසු බැද්දැගාන මාර්ගයට පිවිසිය හැකිය. ඉන්පසු වම් පසින් හමුවන ශ්‍රීලංකා නිපොන් මාවත ඔස්සේ ගිය පසු ඔබට උද්‍යානයේ රථගාල දැකගත හැකිය. එමෙන්ම බත්තරමුල්ල දෙසින් ඇතුල් කෝට්ටේ හන්දියට පැමිණෙන්නමන් හටද මෙම මාර්ගය භාවිතා කළ හැකිය. එමෙන්ම නුගේගොඩ දෙසින් පැමිනෙන අයෙකුට ස්ටැන්ලි තිලකරත්න මාවත ඔස්සේ පාගොඩ පාර හරහා පිටකෝට්ටේ හන්දිය දක්වා ගමන්කර වම් පසින් ඇති කෝට්ටේ පාරේ 800m ක් ගිය පසු බැද්දගාන උද්‍යානයට ලගාවිය හැකි.






2016 වර්ෂයේ දී මෙම උද්‍යානය ජනසතු කර ඇති අතර මෙය හෙක්ටයාර 20ක පමණ බිම් කොටසකින් යුතු තෙත් බිම් උද්‍යානයකි. පාලම්, නැරඹුම් ස්ථාන, පක්ෂි නිරීක්ෂණ කුළුණු ආදීයෙන් සමන්විත වන මෙම උද්‍යානය දියවන්නා ඔය මත තැනුනු පාවෙන නැරඹුම් ස්ථානයකින් ද සමන්විත එමෙන්ම පක්ෂීන්, සමනලුන්, ක්ෂීරපායීන්, කෘමීන් ආදීන්ගේ පාරාදීසයක් වන අතර ඒවායින් සමහර විශේෂ ශ්‍රී ලංකාවට ආවේනණික වූ  සත්ව කොට්ටාසයි. අගෝස්තු සිට අප්‍රේල් මස දක්වා කාල වල විවිධ සංක්‍රමණ පක්ෂීන්ද දැකගත හැකි. එමෙන්ම තෙත්බිම් ප්‍රදේශයන්ට ආවේණික වූ විවිධ ශාක හා ගස් වර්ගද මෙම උද්‍යානය තුළ දැකගන්න පුළුවන්. ඒ විවිධ විශේෂතා නිසාවෙන්ම මෙම ස්ථානය අධ්‍යාපන අමාත්‍යංශය විසින් පාසල් ක්ෂේත්‍ර චාරිකා සදහා නිර්දශ කර තිබෙනවා.එමෙන්ම මෙම උද්‍යානය පුරාවිද්‍යාත්මක වටිනාකමකි යුතු ස්මාරක, ගොඩනැගිලි,  ආදියෙන් ද සහිතය. එමෙන්ම පක්ෂීන්, සමනලුන්, ක්ෂීරපායීන්, කෘමීන් ආදීන්ගේ පාරාදීසයක් වන අතර ඒවායින් සමහර විශේෂ ශ්‍රී ලංකාවට ආවේනණික වූ  සත්ව කොට්ටාසයි. අගෝස්තු සිට අප්‍රේල් මස දක්වා කාලවල විවිධ සංක්‍රමණ පක්ෂීන්ද දැකගත හැකිය. එමෙන්ම තෙත්බිම් ප්‍රදේශයන්ට ආවේණික වූ විවිධ ශාක හා ගස් වර්ග ද මෙම උද්‍යානය තුළ දැකගන්න පුළුවන්. 



විශේෂ නිවාඩු දින හැර සෑම දිනයකම උදේ 6 සිට හවස 6 වෙනකම් උද්‍යානය බලන්න යන්න ඔයාලට පුළුවන්කම තියනවා. ඒ වගේම ප්‍රවේශ පත්‍ර කවුන්ටරය විවෘත වෙලා තියෙන්නෙ හවස 5 වෙනකම් විතරයි.

                                                   ........................................................

"ඒ වගේම මේ සුන්දර ස්ථාන නරඹන්න ගියාම අපිරිසිදු නොකර ඒ ස්ථාන පවත්වාගෙන යන්න උදව් වෙන විදියට කටයුතු කරන්න කියලා ඔයාලා හැමෝගෙන්ම Travel විත්ති අපි කාරුණිකව ඉල්ලනවා! "

Blue Beach Island - Sri Lanka

  සයුරේ ජීවෙත රළ පෙරලී  මුතු සොයනා අය කොහෙදෝ  පණ නල පාගා..... වෙරළේ පියමන් පැවසූයේ රළ කදුරේ සුවදයි මේ සෙනෙහේ අසරණ වූ දා පමණයිදෝ නොවෙනස්වෙ කු...