Friday, May 26, 2023

බැද්දගාන තෙත් බිම් උද්‍යානය ( BEDDAGANA WETLAND PARK)


                                                            ස් ඉස්සෙල්ලාම ඔයාලව අපි Travel විත්තියෙන් එක්කන් යන්න හදන්නේ වැඩි ඈතකට නෙවෙයි. ඒ තමටයි කොළඹ අවටම තියෙන සුන්දරත්වයෙන් හෙබි නිස්කලංක පරිසරයක් සහිත බැද්දගාන තෙත්බිම් උද්‍යානය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දියවන්නා ඔයට මායිම්ව, කොළඹ රැම්සාර් තෙත්බිම් නගරය තුළ තමයි මේ බැද්දගාන උද්‍යානය පිහිටලා තියෙන්නේ. ඉතා කාර්‍යබහුවලත්වයෙන් හෙබි කොළඹ නගරය තුළ මෙම උද්‍යානය පිහිටලා තිබුනත් මෙම උද්‍යානය සොභාව සෞන්දර්යෙන් පිරුනු අති සුන්දර උද්‍යානයක් විදියට හදුන්වලා දෙන්න පුළුවන්.




මෙම උද්‍යානය නැරඹීමට යන ඔබට පිවිසුම් මාර්ග කිහිපයක්ම ඔස්සේ එහි ලගාවීමේ හැකියාව තියනවා. ඒ කොල්ලුපිටිය, මරදාන දෙසින් පැමිණෙන ඔබට බොරැල්ල නගරය හරහා රාජගිරිය පසුකරමින් ඇතුල් කෝට්ටේ හන්දිය දක්වා පැමිණි පසු දකුණු පසින් තිබෙන කෝට්ටේ පාරට පිවිස එතැන් සිට පිටකෝට්ටේ දෙසට 1.5 km ක් පමණ ගිය පසු බැද්දැගාන මාර්ගයට පිවිසිය හැකිය. ඉන්පසු වම් පසින් හමුවන ශ්‍රීලංකා නිපොන් මාවත ඔස්සේ ගිය පසු ඔබට උද්‍යානයේ රථගාල දැකගත හැකිය. එමෙන්ම බත්තරමුල්ල දෙසින් ඇතුල් කෝට්ටේ හන්දියට පැමිණෙන්නමන් හටද මෙම මාර්ගය භාවිතා කළ හැකිය. එමෙන්ම නුගේගොඩ දෙසින් පැමිනෙන අයෙකුට ස්ටැන්ලි තිලකරත්න මාවත ඔස්සේ පාගොඩ පාර හරහා පිටකෝට්ටේ හන්දිය දක්වා ගමන්කර වම් පසින් ඇති කෝට්ටේ පාරේ 800m ක් ගිය පසු බැද්දගාන උද්‍යානයට ලගාවිය හැකි.






2016 වර්ෂයේ දී මෙම උද්‍යානය ජනසතු කර ඇති අතර මෙය හෙක්ටයාර 20ක පමණ බිම් කොටසකින් යුතු තෙත් බිම් උද්‍යානයකි. පාලම්, නැරඹුම් ස්ථාන, පක්ෂි නිරීක්ෂණ කුළුණු ආදීයෙන් සමන්විත වන මෙම උද්‍යානය දියවන්නා ඔය මත තැනුනු පාවෙන නැරඹුම් ස්ථානයකින් ද සමන්විත එමෙන්ම පක්ෂීන්, සමනලුන්, ක්ෂීරපායීන්, කෘමීන් ආදීන්ගේ පාරාදීසයක් වන අතර ඒවායින් සමහර විශේෂ ශ්‍රී ලංකාවට ආවේනණික වූ  සත්ව කොට්ටාසයි. අගෝස්තු සිට අප්‍රේල් මස දක්වා කාල වල විවිධ සංක්‍රමණ පක්ෂීන්ද දැකගත හැකි. එමෙන්ම තෙත්බිම් ප්‍රදේශයන්ට ආවේණික වූ විවිධ ශාක හා ගස් වර්ගද මෙම උද්‍යානය තුළ දැකගන්න පුළුවන්. ඒ විවිධ විශේෂතා නිසාවෙන්ම මෙම ස්ථානය අධ්‍යාපන අමාත්‍යංශය විසින් පාසල් ක්ෂේත්‍ර චාරිකා සදහා නිර්දශ කර තිබෙනවා.එමෙන්ම මෙම උද්‍යානය පුරාවිද්‍යාත්මක වටිනාකමකි යුතු ස්මාරක, ගොඩනැගිලි,  ආදියෙන් ද සහිතය. එමෙන්ම පක්ෂීන්, සමනලුන්, ක්ෂීරපායීන්, කෘමීන් ආදීන්ගේ පාරාදීසයක් වන අතර ඒවායින් සමහර විශේෂ ශ්‍රී ලංකාවට ආවේනණික වූ  සත්ව කොට්ටාසයි. අගෝස්තු සිට අප්‍රේල් මස දක්වා කාලවල විවිධ සංක්‍රමණ පක්ෂීන්ද දැකගත හැකිය. එමෙන්ම තෙත්බිම් ප්‍රදේශයන්ට ආවේණික වූ විවිධ ශාක හා ගස් වර්ග ද මෙම උද්‍යානය තුළ දැකගන්න පුළුවන්. 



විශේෂ නිවාඩු දින හැර සෑම දිනයකම උදේ 6 සිට හවස 6 වෙනකම් උද්‍යානය බලන්න යන්න ඔයාලට පුළුවන්කම තියනවා. ඒ වගේම ප්‍රවේශ පත්‍ර කවුන්ටරය විවෘත වෙලා තියෙන්නෙ හවස 5 වෙනකම් විතරයි.

                                                   ........................................................

"ඒ වගේම මේ සුන්දර ස්ථාන නරඹන්න ගියාම අපිරිසිදු නොකර ඒ ස්ථාන පවත්වාගෙන යන්න උදව් වෙන විදියට කටයුතු කරන්න කියලා ඔයාලා හැමෝගෙන්ම Travel විත්ති අපි කාරුණිකව ඉල්ලනවා! "

10 comments:

Blue Beach Island - Sri Lanka

  සයුරේ ජීවෙත රළ පෙරලී  මුතු සොයනා අය කොහෙදෝ  පණ නල පාගා..... වෙරළේ පියමන් පැවසූයේ රළ කදුරේ සුවදයි මේ සෙනෙහේ අසරණ වූ දා පමණයිදෝ නොවෙනස්වෙ කු...