Sunday, May 28, 2023

Blue Beach Island - Sri Lanka

 සයුරේ ජීවෙත රළ පෙරලී 

මුතු සොයනා අය කොහෙදෝ 

පණ නල පාගා.....

වෙරළේ පියමන් පැවසූයේ

රළ කදුරේ සුවදයි මේ

සෙනෙහේ අසරණ වූ දා පමණයිදෝ

නොවෙනස්වෙ කුරුලු ගී

දැන් පණ නල සබෑ වුනේ....




මේ සිංදුව අහද්දී අපේ මතකේ අතීතෙ රූපවාහිනියේ විකාශනය වුනු සුන්දර කතාවක අතරමන් වුණා නේද?

පාලු දූපතක වසරගානක් තනි වුණු පවුලක්! සුන්දර අත්දැකීමක් නේද ඒක? බලං ඉන්න ආසයි නේද? මේ කතාමාලාව බලද්දී කවද හරි "අනේ මටත් මේ වගේ මුහුදෙන් වට වුණු දූපතක තනියම් ඉන්න තිබ්බා නම්" කියලා හිතුනා නේද? 

අන්න ඒ වගේ අත්දැකීමක් ගන්න යන්න පුළුවන් තැනක් ගැන තමයි අද අපි Travel විත්ති වලින් ඔයාලට කියන්න යන්නේ......





මේ වෙන කොහෙවත් නෙවෙයි... අපේ ලංකාව තුළම තියන ලස්සන පුංචි දූපතක්....වැඩි ඈතක නෙවෙයි මාතර නිල්වැල්ල ප්‍රදේශයේ තමයි පිහිටලා තියෙන්නේ.

 Blue Beach Island නමින් හදුන්වන මේ දූපතට ඒ නම ලැබිලා තියෙන්නේ නිල් වෙරළ තීරයෙන් මේ දූපත වට වෙලා තියන නිසා. ඒ විතරක්ම නෙවෙයි මේ දූපත පුද්ගලික දූපතක්. "පුද්ගලික දූපතක් නම් කොහොමද අපිට යන්න පුළුවන් වෙන්නේ?" මේක තමයි මීළගට ඔයාලට එන ප්‍රශ්නය.


මේ දූපත පුද්ගලික උනාට මේක සංචාරක නැරඹුම් ස්ථානයක් විදියට පවත්වාගෙන යන්නේ... ඒ නිසා Camping වලට ආසා කරන ඕනම කෙනෙක්ට මේ දූපතේ රැයක් ගත කරන්න යන්න පුළුවන්. තමන්ගෙ යාලුවො එක්ක, ඒමත් නැත්තම් පවුලේ අය එක්ක විතරක් නෙවෙයි, තනියම වුතත් ඔයාට ගිහින් මේ අත්දැකීම ලබා ගන්න පුළුවන්.රැයක් ගත කරන්න විතරක් නෙවෙයි. ඔයාලට මේ දූපත විවෘතව තිබෙන කාල සීමාව තුළ ගිහින් නරඹලා එන්නත් පුළුවන්.











දැන් අපි ඔයාලට කියන්න යන්නේ, මේ දූපතේ රැයක් ගත කරන්න යන්න ඉන්න ඔයාලට වැදගත් වෙන තොරතුරු ටිකක්...

මේ දූපතේ රාත්‍රියක් ගත කරන්න යන්න බලාපොරොත්තුවෙන ඔයාලා මුලින්ම ඒ දූපතේ camping කරන කණ්ඩා‍යමෙන් දිනයක් වෙන් කරගන්න ඕනි.. ඒ කණ්ඩායම හරහා ඔයාලට අවශ්‍ය කූඩාරම්/ BBQ Mashing / වතුර මේ ආදිය සපය ගන්න පුළුවන්... ඒ වගේම ඒ සදහා සුළු මුදලක් එක් අයෙක්ගෙන් ගන්නවා...


ඒවගේම මේ දූපත රාත්‍රී කාලය තුල මුහුදෙන් වටවෙන නිසා සවස 6න් පස්සේ කිසිම කෙනෙක්ට දූපතට ඇතුලු වෙන්නවත් පිටවෙන්නවත් හැකියාවක් නැහැ. ඉතිං හැමදාම වගේ කියන්න තියෙන්නේ තමන්ගේ ආරෂාව තමන් සලසා ගත යුතුමයි කියලා. ආරෂකයෝ රාත්‍රි 9 වගේ වෙනකම් ඔයාලා එක්ක ඉන්නවා... ඒ වගේම කියන්න ඕනි දූපත වටේ මුහුද අඩි 20කට වඩා ගැඹුරුයි.. මේ නිසා කිසිම වෙලාවක තමන් අනතුරට ලක්වෙන විදියට වැඩ නොකළ යුතියි. ඒ වගේම මේ දූපතේ රැයක් ගත කරන ඔයාලට මිල කළ නොහැකි අත්දැකීම් රාශියක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම හිරු උදාව/හිරු බැසීම බලන්න දූපතේ කෙලවරේ පිහිටලා තියන ගල්තලාවට ගියාම ඔයාලට කිසිම බධාවකින් තොරවම පුළුවන්.... ඒ වගේම සවස 5 ඉදන් උදෑසන 9 වෙනකම් විතරයි ඔයාලට මේ ස්ථානයේ camping කරන්න පුළුවන්... ඒ වගේම camping කරන්න එන අය අනිවාර්‍යෙන්ම කළ යුත්තක් තමයි ඔබ රැගෙන යන කුණු සියල්ලම අස් කරලා ලබා දෙන බෑග් වල දාලා නැවත ගොඩබිමට ගේන එක....

ඉතිං ඔයත් අදම පරක්කු නොවී මේ සුන්දර අත්දැකීම විදගන්න යන්න.....





.....................................

"හැමදාම වගේ කියන්න ඕනි සුන්දර අත්දැකීම් ලබා ගනිද්දී තමන්ගේ ජීවිතය අවදානමට ලක් කරන්න එපා.. ඒ වගේම නරඹන්න යන ස්ථාන පිරිසිදුව තියා ගන්න උදව් කරන්න...."

3 comments:

Blue Beach Island - Sri Lanka

  සයුරේ ජීවෙත රළ පෙරලී  මුතු සොයනා අය කොහෙදෝ  පණ නල පාගා..... වෙරළේ පියමන් පැවසූයේ රළ කදුරේ සුවදයි මේ සෙනෙහේ අසරණ වූ දා පමණයිදෝ නොවෙනස්වෙ කු...